News

රජයේ ආයතනවල වෙළඳ නිෂ්පාදන ඉදිරියේදී “රජ වාසලෙන් “

රජයේ ආයතනවලට අයිති වෙළඳ නිෂ්පාදනයන් එක ස්ථානයකින් මිලදීගැනීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වෙළඳ අමාත්‍යංශයේ අවධානය යොමුකර තිබෙනවා.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ “රජවාසල” නමින් මුළු දිවයිනම ආවරණය වන අයුරින් මෙම වෙළඳසැල් ජාලය ක්‍රියාත්මක කරන බවයි පැවසුවේ. මේ සම්බන්ධ අදහස් ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යි.

ප්‍රථම අදියර කොටුව දුම්රිය ස්ථානය අසල හා නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ආරම්භ කිරීමට නියමිතයි.