රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ දෙවන වාරය අදින් ඇරඹෙයි
රජයේ පාසල්වල ප්‍රාථමික අංශය දෙවන වාරයේ අධ්‍යයන කටයුතු සඳහා අද (13) ආරම්භ වී ඇත.
සියලුම පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළ අතර ඒ අනුව පාසල් තුළ ඉගෙනුම් කටයුතු සහ ඇගයීම් ක්‍රියාවලි සාමාන්‍ය පරිදි සිදුකිරීමට ද බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වර්ෆ්ත වෙයි.
අධ්‍යයන කටයුතු අතපසු වූ සති දෙකක කාලය සඳහා හිලව් සැසි නොපැවැත්වීමට තීරණය කර ඇති බැවින් සියළු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම සිසුන්ගේ පැමිණීමේ යම් විෂමතාවක් මතුවුවද සාමාන්‍ය පරිදි කාලසටහන් අනුවම අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසට ද විදුහල්පතිවරුන්ට දැනුම්දී ඇත.