News

රජයේ විධායක නිලධාරීන් අද වර්ජනයක

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද සංකේත වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

ඔවුන් වර්ජනයේ නිරත වන්නේ ජාතික වැටුප් ප්‍රතිපත්තියට පටහැනිව නීති නිලධාරීන්ට පමණක් වැටුප් හා දීමනා වැඩිවීමක් ලබාදීමට විරෝධය පළකරමිනි.

එම ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි පෙන්වා දෙන්නේ මේ හරහා රජයේ අනෙකුත් සමාන්තර සේවාවල විධායක නිලධාරින්ට බරපතල වැටුප් විෂමතාවක් ඇතිව තිබෙන බව වන අතර රාජ්‍ය සේවයේ විධායක නිළධාරීන් 15,000ක් පමණ සිටින බව සඳහන් කරයි.

අද ක්‍රියාත්මක සංකේත වර්ජනයට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුව, සමස්ත ලංකා ගුරු අධ්‍යාපන සේවා සංගමය ඇතුලු වෘත්තිය සමිති 15ක් එක්ව සිටින බව වාර්තා වේ.