News

රජයේ සියලු නිවාස සඳහා දේශීය උළු යොදා ගැනීමේ තීරණයක්

රජයේ සියලු නිවාස ව්‍යාපෘති සඳහා දේශීය උළු පමණක් යොදාගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වාස සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුෂ්‍යන්ත මහතා පවසා සිටියේ මේ අනුව ඉදිකිරීමට නියමිත නිවාස 14,022 ක් සඳහා දේශීය උළු සෙවිළි කෙරෙන බවයි.

බිඳවැටී තිබෙන දේශීය උළු හා මැටි කර්මාන්ත නගා සිටුවීම මෙමගින් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.

අවශ්‍යය කරන නිවාස ව්‍යාපෘති සඳහා උළු සපයා ගැනීම සඳහා උළු නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් හිඟයකින් තොරව උළු ලබාදීමට ඔවුන් එකඟ වූ බව ද සභාපතිවරයා පැවසී ය.