රජයේ සියලු පාසල්වල පළමු පාසල් වාර විභාගයට තිත
රජයේ සියලු පාසල්වල ඉදිරියේදී පළමු පාසල් වාරය තුල පළමු වාර විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිඛේ.
පළමු පාසල් වාරයේ ක්‍රීඩා සහ වෙනත් බාහිර ක්රීයාකාරකම් සඳහා වෙන් කිරිමයි මෙහි අරමුණ වී ඇත්තේ.
කෙසේ වෙතත් මෙම වසරේ පළමු පාසල් වාරයේ විභාග පැවැත්වීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු යොදා ඇති හෙයින් එහි වෙනසක් සිදු නොකෙරෙන අතරල මේ වර්ෂයට අදාළ පළමු පාසල් වාර විභාග නියම කර ඇති ආකාරයට පැවැත්වීමට පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබේ