රජයේ සේවකයන් සියලු දෙනා අද සිට සුපුරුදු පරිදි සේවයට
රාජ්‍ය අංශයේ සියලු සේවකයන් වසරක කාලයකට පසුව අද (8 වැනිදා) සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවා තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මේ බව දන්වමින් සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දන්වා තිබේ.
අද (8දා) සිට රාජ්‍ය ආයතනවල සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යාමේදී රජයේ නිලධාරීන් හා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බවද චක්‍රලේඛයේ දැක්වේ.
චාමර පල්ලේගෙදර