News

රජයේ සේවකයින්ගේ අහෝසි කළ විශ්‍රාම වැටුප මෙවර අයවැයෙන් ලබාදෙන්න

රජයේ සේවකයින්ගේ අහෝසි කළ විශ්‍රාම වැටුප 2019 අයවැයෙන් ලබාදීමට කටයුතු කළ යුතු බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

ඔහු සදහන් කළේ වැටුප් වැඩි කළ බවට පවසමින් ද ආණ්ඩුව ජනතාව නොමඟ යවා ඇති බවයි.

“අයීතීන් දිනාගැනීමට සටන් කරමු“ යන මැයෙන් අත්පත්‍රිකා දශලක්ෂයක් බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිටදී ඊයේ (12) පස්වරුවේ පැවැත් වුණා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කේ.ඩී ලාල් කාන්තා මහතා මේ බව කියා සඳහන් කළා.