News

රජය මෙට්‍රික්ටොන් 34,000 ක් මිලට අරගෙන

රජය වී මෙට්‍රික්ටොන් 34,000 ක් මිලට අරගෙන

මහ කන්නයට අදාලව මේ වන විට වී මෙට්‍රික්ටොන් 34,000 ක් මිලදීගෙන ඇති බව වී අ‍ලෙවි මණ්ඩලය සඳහන් කර තිබේ .

එම මිලදී ගත් වී, සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවරගෙන තිබෙන බව වී අ‍ලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා සඳහන් කර ඇත.

අ‍ලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා,

“තාමත් අපිට වී එනවා. දැනට වී මෙට්‍රික්ටොන් 34,000 ක් විතර ගබඩා කරගෙන තිබෙනවා. ඒ සමගම සහල් කරලා අලෙවි කිරීමත් කරගෙන යනවා. අපි ළඟ තියෙන්නේ ඔක්කොම නාඩු. සුදු නාඩු, රතු නාඩු, තම්බපු සහ කැකුළු සහල් අපි නිකුත් කරනවා. රටේ වී තියෙනවා ඕන තරම්.”