රටට බලපාන පනත් දෙකක් ගැන විමල් හෙළිකරයි
රජයේ ඉඩම් බැංකු පනත හා ඉඩම් විශේෂ විධිවිධාන පනත නැමති පනත් දෙක මේ රටේ අනාගතය කෙරෙහි ඉතාමත් තීරණාත්මකව බලපාන පනත් දෙකක් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද(20) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේය.
මේ අතර අක්කර ලක්‍ෂ 12ක් ස්වදේශිකයාගෙන් උදුරා ගැනෙන, විදුලි කේබලයකින් රට දෙකට බෙදෙන, ස්වදේශික ජනතාව ඇමරිකාවේ අන්තේවාසිකයන් බවට පත් කරන, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අස්සන් කිරීමට ඉඩ දී නිහඬ විය හැක්කේ කාටදැයි ප්‍රශ්න කරන විමල් වීරවංශ මහතා, රටට ආදරය කරන සියලු ජනතාව ඊට එරෙහිව සමගි සම්පන්නව පෙළ ගැසිය යුතු බව අවධාරණය කරයි.