News

රටේ අර්බුදය ‘බෝනස්’ එකටත් තට්ටු කරයි

රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් සේම පෞද්ගලික අංශයේ ව්‍යාපාර බොහෝමයකගේ පෙර වර්ෂවලට වඩා ආදායම පහත වැටීම හේතුවෙන් වර්ෂ අවසානයේ ලබාදෙන ප්‍රසාද දීමනා අහිමිවීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

දේශපාලන අස්ථාවරත්වය මෙන්ම ඩොලරය ඉහළ යාම නිසා බොහෝමයක් ආයතනවල වාර්ෂික ආදායමට සෘජු බලපෑමක් එල්ල වී ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් හිමිකරුවන් කිහිප දෙනෙක් ‘අරුණ’ට පැවසූහ.

මෙම තත්ත්වය නිසා නත්තල් සමරන කතෝලික සේවක ප්‍රජාවට මෙන්ම සෙසු සේවකයින්ට නව වසර වෙනුවෙන් ලබාදෙන වාර්ෂික ප්‍රසාද දීමනා ද වැටුප් වර්ධක ද නොලැබීමේ තත්ත්වයක් උදාවී තිබෙන බව සේවකයෝ පවසති.

ඇඟලුම්, ආනයන අපනයන සිදු කරන ආයතන ආදී සමාගම්වලට මෙම මූල්‍ය අර්බුදය සෘජුවම බලපා තිබේ.

ඊට අමතරව රාජ්‍ය සමාගම් බොහොමයක ද ආදායම් පහත වැටීමත්, ඇතැම් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය පත් නොකිරීම නිසා තීන්දු තීරණ ගැනීමටත් නොහැකි වීමෙන් ප්‍රසාද දීමනා ගෙවීමට ද නොහැකි වී ඇතැයි වාර්තා වේ.