රටේ තිබූ බේකරි 7000 න් 6000 ක් වහලා
කොරෝනා වයිරසය පැතිර යෑමත් සමඟ රටපුරා පිහිටි බේකරි 7000 කින් 6000 ක් පමණ වැසී ඇත.
ඉන් සේවකයින් ලක්‍ෂයකගේ පමණ රැකියා අහිමිවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මෙලෙස බේකරි වැසී යෑම නිසා රැකියා අහිමිවීමෙන් අසරණ තත්වයට පත්ව ඇති මෙම සේවකයින්ට කිසියම් සහනයක් සලසා දීමට මැදිහත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටින බව සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප‍්‍රකාශ කරයි.
