News

රටේ සියලු දෙනාම කොවිඩ් පරීක්ෂණයට

රටේ සියලු දෙනාම කොවිඩ් – 19 පරීක්ෂණයට ලක් කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත.

ජර්මනියේ ක්‍රියාත්මක කරන කුඩා කණ්ඩයාම් පරීක්ෂණ ක්‍රමවේදය මෙරටදීත් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව කමිටු ප්‍රධානී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අමල් හර්ෂද සිල්වා පැවසීය.

මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතුව පී.සී.ආර්. යන්ත්‍ර 50ක් ඇති බවද ඔහු අනාවරණය කළේය. මෙම යන්ත්‍ර මගින් මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ දෛනිකව 250ක් පමණ සිදු කරයි.

 

උදයජීව ඒකනායක