රට පුරා අද ඇඳිරිනීතිය
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසු වන පරිදි අද (27 වැනිදා) රටපුරා ඇඳිරි නීතිය පනවා තිබේ.
දැඩි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (27 වැනිදා) පෙරවරු 5 ට ඉවත් කර යළි රාත්‍රී 8 ට ක්‍රියාත්මක කිරීමට මින් පෙර නියමිතව තිබිණි.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (28 වැනිදා) අලුයම 5 ට ඉවත් කර යළි රාත්‍රී 8 සිට ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
