රට සුරක්ෂිත කිරීමට පොලීසිය ශක්තිමත් කළ යුතුයි
රට සුරක්ෂිත කිරීමට අවශ්‍ය කරන ආකාරයට පොලීසිය ශක්තිමත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩා පිටියේ පැවති උත්සවයකට එක්වෙමින්ය.
මෙහිදී අදහස් දක්වමින් ගෝඨාභය මහතා කියා සිටියේ විනය ගරුක සමාජයක් සහ සුරක්ෂිත රටකට පොලීසිය ඉතාමත් වැදගත් දෙපාර්තමේන්තුවක් බවයි.
පොලීසිය පිළිබදව සමාජය තුළ මොන යම් මතවාද තිබුණද, පොලීසියට අවශ්‍ය පුහුණුව සහ අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව ලබානොදී පොලීසියෙන් අවශ්‍ය සේවාව ලබාගත නොහැකි බව ගෝඨාභය රාජක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේය.