News

රත්නප්‍රිය මන්ත්‍රිවරයකු කරන ගැසට්ටුව අද

එක්සත් ජාතික පකෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (27 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුවට සමන් රත්නප්‍රිය මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි.

නව මන්ත්‍රීවරයා දිවුරුම්දීම පෙබරවාරි මස 05 වැනිදා සිදු කිරීමට නියමිතය. සමන් රත්නප්‍රිය මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරමින් සිටියි.

උදයජීව ඒකනායක