News

රත්නපුර සහ පැල්මඩුල්ලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය

රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ඉවත් නොකරන බව පොලිස් මුලස්ථානය පවසනවා.

එම ප්‍රදේශ ඔස්සේ ගමනාගමන කටයුතු සිදුකිරිම ද තහනම් බවයි පොලිසිය පැවසුවේ.

කෙසේවෙතත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල හැර අනෙකුත් පොලිස් බල ප්‍රදේශ සඳහා පනවා ඇති ඇඳිරි නීතිය පෙර දැනුම් දී ඇති පරිදි හෙට උදේ 6 ට ඉවත් කර නැවත පස්වරු 4 ට නැවත පනවනු ඇත.