News

රත්මල්යාය ආසාදිතයා සමග අවමගුලට සහභාගී වූ 39 දෙනෙක් සොයයි

පුත්තලම රත්මල්යාය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයා සමග අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 39 දෙනෙකු සොයා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

ආසාදිතයා සමග මන්නාරම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයට 50 දෙනෙකු සහභාගී ඇති අතර ඉන් 11 දෙනෙකු මේ වන විට සොයා ගෙන නිරෝධනය සඳහා යොමු කර ඇත.