නවතම ප්‍රවෘත්ති

රත්රන් කිලෝ 20ක් ගෙනා ඉන්දියන් ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

 

රත්රන් කිලෝ 20ක් විශේෂ යට ඇදුමක සගවාගෙන අද (31) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයකු පොලිස් අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරු රේගු නිලධාරින්ගේ හා ස්කැන් පරික්ෂාවද අවසන්ව ගුවන්තොටුපළින් පිටතට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුට රේගු නිලධාරින්ගේ සහය ලැබුණේදැයිසෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවිශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.