රත්රන් කිලෝ 10ක් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට
කල්පිටිය කුඩාව වෙරළ තීරයේදී රත්රන් කිලෝ 10ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සදහන් කළේ අද අළුයම කල්පිටිය පොලීසිය ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
එම රත්රන් තොගය ශ්රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ධීවර යාත්රාවකින් ප්රවාහනය කිරීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
