News

රතිඤ්ඤා කිලෝ 600ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මාවනැල්ල පොලිසිය ශ්‍රී ලංකා යුද හමුදාවත් සමග එක්ව හිඟුල දෙල්ගහගොඩ හන්දිය ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී වෙලඳසැලක තිබී බලපත්‍ර නොමැති පුපුරණ ද්‍රව්‍ය ( රතිඤ්ඤා) කිලෝ 600ක තොගයක් ඊයේ (7) රාත්‍රී සැකකරුවෙකුද සමග අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව සිදුකල විමර්ශනයේදී එම රතිඤ්ඤා තොගයෙන් කිලෝ 200කට පමණක් බලපත්‍ර ලබාගෙන තිඛෙන අතර අනෙක් කිලෝ 400 ය සඳහා බලපත්‍ර නොමැතිබවට අනාවරණය කරාගන ඇති බව පැවසේ
.
මේ අනුව එම පුපුරණ ද්‍රව්‍ය තොගය හා අදාල වෙළඳ ව්‍යාපාරිකයා මාවනැල්ල දිසා මහෙෂ්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කරන ලදුව බලන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියම කෙරින.

කෑගල්ල දිසාව භාර පොලිස් අධිකාරී චාමික පී වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මාවනැල්ල පොලිස් ස්ථානාධීපති එම් ඩී ඩී නිලංග මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මංජුල පියතිස්ස මහතා ඇතුලූ නිළධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබයි.