රන්ජන්ගේ කොකේන් කතාවට පත් කළ සිව් පුද්ගල කමිටුව හෙට රැස්වෙයි
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පත් කළ සිව් පුද්ගල කමිටුව හෙට (22) දින රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.
හෙට උදෑසන 9.30ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර 7 දී මෙම කමිටුව රැස්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරණ අතර
එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් සිව්පුද්ගල කමිටුවක් ඊයේ(21) දිනයේ දී පත් කෙරිණි.
එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වන අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික නීතිඥ නිශ්ශංක නානායකාර යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයින්ය,