News

රන්ජන්ගේ කොකේන් කතාව ගැන විමර්ශනය කිරීමේ කමිටුව අද රැස්වෙයි

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව අද රැස්වීමට නියමිතය.

එහිදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමර්ශනය කෙරෙනු ඇති අතර එම කමිටුව අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර හතේදී රැස්වීමට නියමිතය.

පසුගිය වසරේ නොවැම්බර් මස 14,15,16 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ සිදුවු කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් වූ වාර්තාව අද කතානායක කරූ ජයසුරිය විසින් සභාවට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.