රන්ජන්ගේ කොකේන් කතාව ගැන වාර්තාව අද අගමැති අතට
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කමිටුවේ වාර්තාව අද (25) අග්‍රාමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට නියමිතව ඇත.
අදාළ ප්‍රකාශය පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී කමිටුවක් පත් කරනු ලැබු අතර එහි ප්‍රධානියා ලෙස සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කටයුතු කරනු ලබයි.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය සිකුරාදා දිනයේ ඔහු විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳ එම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබුණි.
ඒ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම එම වාර්තාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දීමට හා අනිද්දා දින රැස්වන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයටද ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.