News

රන්ජන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයන්න කිරිඇල්ලගේන් කමිටුවක්

කොකේන් ඇතුලූ මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබැලීමට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දහවල් රැස්වූ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදි එම කමිටුව පත් කර ඇති අතර එහි වාර්තා මීළඟ කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය වී ඇත.