රනිල්ගේ කොන්දේසි මත එජාප ජනපති අපේක්ෂකත්වය කරුට
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය කථානායක කරු ජයසූරියට කොන්දේසි මත ලබාදීමට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණය ජය ලබා පසුව වහාම ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති ධුරය අහෝසි කර පූර්ණ බලතල සහිත අගමැති ධුරය ඇති කිරීම එහි ප්‍රධාන පොරොන්දුව බවද වාර්තා වේ.
කරු ජයසූරිය සිය හිතවතුන්ට මේ බව පවසමින් ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් අදහස් විමසා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ ඇතිවූ දේශපාලන අර්බුද අවස්ථාවේ කථානායකවරයා ලෙස කරු ජයසූරිය හැසිරුණු ආකාරයෙන් ඔහුට රට තුළ ප්‍රසාදයක් ඇති බවටයි.
මධුභාෂණ හේරත්