රනිල්ගේ පුටුව ගැන විභාග කිරීම 12 වෙනිදා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම විභාග කිරීම ලබන 12 වන දක්වා කල් තබා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කොළඹ නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල මහත්මිය ගොනු කළ එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයා මුදල් උපයන සීමා සහිත ලේක්හවුස් ප්‍රින්ටින් ඇන්ඩ් පබ්ලිෂස් පුද්ගලික සමාගමේ වික්‍රමසිංහ මහතා ප්‍රධාන කොටස්කරුවෙකු වන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි යැයි පවසමින් අදාළ පෙත්සම ගොනු කර ඇති අතර වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු බවට නිගමනය කර ඔහු එම මන්ත්‍රී ධූරය දැරීම වළක්වන කෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසටය.