News

රනිල්ට ආණ්ඩුවක් හදන්න තියෙන්නේ 103යි – දිනේෂ්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවන්න ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 103ක් පමණක් බව පැහැදිලිව පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කරන්නේ දෙමළ ජාතික සන්ධානය විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ සිදුකළ ප්‍රකාශයේදී පැහැදිලිව ඔවුන් රජයට එක්නොවන බවට පැවසූ බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් ලැබුණා.

ඉන් ඡන්ද 14ක් දෙමළ ජාතික සන්ධානයේ වනවා.