රනිල්ට සහාය පළකළ යෝජනාව සම්මත වූ බව කථානායක ජනපතිට දන්වයි
රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව අද(12) පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව විවාද කිරීමෙන් අනතුරුව ඡන්ද 117කින් සම්මත වූ බව කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කථානායක මාධ්‍ය අංශ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.