රනිල්ට TNA සහය ලැබෙයි ?
රනිල් වික්‍රමසිංහ මහතාට උපරිම විශ්වාසය ඇති බවට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මෙම යෝජනාව සඳහා ජනාතා විමුක්ති පෙරමුණේ සහය නොලැබෙන බව දැනටමත් ප්‍රකාශකර ඇත. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනාගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 93න් දෙනා නොමැතිව එක්සත් ජාතික පක්ෂයට 113ක බහුතරයක් ලබාගැනීමට හැකි වේද යන්න තීරණය වන්නේ දෙමළ ජාතික සන්ධානයේ තිරණය මතය.
දෙමළ ජාතික සන්ධානයේ සිටින මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට සහය ලබා දෙන අතර ඉතිරි මන්ත්‍රීවරුන් 15 දෙනාගේ සහය ලැබෙයිද කියා නොදන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.