රනිල් පරදා සජිත් 48%ක් ඉදිරියෙන්
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න සම්බන්ධයෙන් කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා සිය මුහුණු පොතේ පැවැත්වූ ජනමත විමසුමෙන් වත්මන් අගමැති පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට වඩා නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස සියයට 48%ක් ඉදිරියෙන් සිටියි.
ඉදිරි ජනාධිපතිවරණයේදී නියත ලෙස ජය ගත හැකි එජාප අපේක්ෂකයා කවුද? යන ශීර්ෂය යටතේ පසුගිය අප්‍රේල් 6 වැනි දින සිට පුරා දින තුනක් තිස්සේ එම ෆේස්බුක් ජනමත විමසුම පැවැතියේ පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහට සියයට 26ක් ලැබී ඇති අතර නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සියයට 74 ප්‍රසාදයක් ලැබී ඇත.