රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්
පෞද්ගලික සමාගමක කොටස්කරුවෙකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය ආයතන සමග ගිවිසුම්ගත ගනුදෙනුවල නිරත වීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම වළක්වමින් කෝ වොරෙන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 1(ඉ) වගන්තිය යටතේ කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
පෙත්සම් විභාගය අවසන් වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි ඇය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් ඇතුළු 5 දෙනෙකු මේ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.