News

රම්බෝගේ වාසභූමිය වෙනස් කිරීම නවතයි

රම්බෝගේ වාසභූමිය වෙනස් කිරීම නවතයි

 

රම්බෝ නමැති උඩවලව ජාතික වන උද්‍යානයේ සැරිසරන අලියා වෙනත් ස්ථානයකට රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා තිබේ.

උඩවලව ජලාශයේ බැම්ම අසලින් යන ඕනෑම කෙනෙකුගේ ආදරය දිනාගැනීමට මේ දැවැන්තයා සමත්ව තිබෙන්නේ විදුලි වැට ආසන්නයට පැමිණ ආහාර ලබාගැනීමට පුරුදුව සිටින නිසාය.

කෙසේ නමුත් පසුගිය දිනෙක හොරොව්පතාන අලි සංරක්ෂණාගාරයට රැගෙන යාමට නියමිතව තිබුණි.

වයස අවුරුදු 50ක් පමණ වයසැති මෙම සත්වයා මේ වන තෙක් කිසිඳු ජිවිත හෝ දේපල හානි කිසිවක් සිදුකර නැත.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ අලියා වෙනත් ස්ථානයකට රැගෙන යාමේදී ඇති විය හැකි ගැටලු පිළිබඳව සලකා බලා තාවකාලිකව එය අතිහිටුවා ඇති බවය.