News

රවණා ඇල්ල රක්ෂිතයේ ගිණි නිවීමට ගුවන් හමුදාව එක්වෙයි

 

 

රවණා ඇල්ල රක්ෂිතයේ හටගත් ගින්න නිවාදැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගෙන තිබේ.

මේ සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගින්න නිවීමට යොදවා ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ

ඇල්ල රොක් නමැති කඳු මුදුනේ ඊයේ (05) ගින්න හටගෙන ඇති අතර අක්කර 50කට වැඩි ප්‍රදේශයකට ගින්න පැතිර ගොස් තිබේ. එම පරිසර පද්ධතිය සංවේදී පරිසර පද්ධිතියක් බවත් පරිසර වේදීන් පෙන්වා දෙනවා.

වනජීවී නිලධාරීන්, පොලීසිය ,යුධ හමුදාව ද ගින්න නිවීම සඳහා සහාය ලබාදෙනවා.