රවීගේ පෙත්සම සළකා බලන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
රවී කරුණානායක ඇතුළු සිව්දෙනෙකුගේ රීට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරයි.
මෙම පෙත්සම් අද(11) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් එම ඉල්ලීම ඉදිරිපත් කළේය.
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝෂිස් , මහ බැංකු වේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පදුමනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින් ඊයේ(10) මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබූහ.
