රවී සහ අර්ජුන අධිකරණයට පැමිණෙයි
බැදුම්කර වංචාව වෙනුවෙන් වරෙන්තු නිකුත් කර සිටි රවී කරුණානායක සහ අර්ජුන ඇලෝසියස් කොටුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණෙයි.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ මෙම සැකකරුවන්ට ද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය.
