රාජකාරියේ නිරතව සිටියදී මියගිය පොලිස් කොස්තාපල්වරුන්ගේ මරණය ගැන සෙවීම CIDයට
මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටියදී සැකකටයුතු ලෙස මියගිය කොස්තාපල්වරු දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.
පොලිස්පතිතුමාගේ නියමය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වන විට සිදුවීම වූ ස්ථානයට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නමැති වයස අවුරුදු 35ක් වන ගාල්ල උඩුගම පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් සහ ගනේෂ් දිනේෂ් නමැති වයස අවුරුදු 28ක් වන කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් බවටයි පොලීසිය සදහන් කළේ.
මේ සම්බන්ධ මීට පෙර පල කළ ප්‍රවෘත්තිය මෙනතින්න බලන්න