News

Update – සරසවි සිසුන්ට බත්තරමුල්ලේදී පොලිසියෙන් කඳුළු ගෑස්

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පිරිස විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව මංසන්ධියෙන් තාවකාලිකව වසා දමා ඇති අතර බත්තරමුල්ල, රාජගිරිය හා පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.


රාජගිරියේ දැඩි රථවාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් රාජගිරිය හා පොල්දූව මංසන්ධිය අවට රථවාහන දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

සරසවි සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගයේ රථවාහන තදබදයක්ද පවතින බව පොලිසිය සඳහන් කරයි.

සමාජ විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීමේ ගැටළුවට විසඳුම් ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතා පා ගමනක නිරතවන බව වාර්තා වෙයි.