රාජගිරිය අවට ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
රාජගිරිය අවට ප්‍රදේශ කිහිපයකට හෙට(06) පැය 20ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට පෙරවරු 9 සිට කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.