රාජ්‍ය ආයතනවල සිදුවී ඇති දූෂණ වංචා සොයන්න ජනාධිපති කොමිෂන් සභාවට CIDයේ සහය
2015 ජනවාරි මස 15 වනදා සිට 2018 ජනවාරි 31 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගැනීමට නියමිත බව සඳහන් වෙයි.
එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට පොලිස්පතිවරයා විසින් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවය.