රාජ්‍ය ආයතන අතර ව්‍යාපෘතිවලට කැබිනට් අනුමැතිය අනවශ්‍යයි
ඉදිරියේදී රාජ්‍ය ආයතන දෙකක් අතර ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමේදී විෂය භාර ඇමැතිවරුන් හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය නොවන බව දක්වමින් මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මුදල් අමාත්‍යංශ ලේකම් එච්. ආර්. ආටිගලගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ 2021 මාර්තු 8 වැනිදාය.
ඒ අනුව අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා රාජ්‍ය හිමිකාරීත්වය දරන ව්‍යාපාර ඇතුළුව රාජ්‍ය ආයතන අතර ගිවිසුම් ඇතිකර ගැනීමේදී තවදුරටත් කැබිනට් මණ්ඩලයේ හෝ අදාළ විෂයභාර අැමැතිවරයාගේ අනුමැතිය අවශ්‍ය නොවන අතර එවැනි ගිවිසුම්වලට එළැඹීමේ බලය අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්ට පැවැරේ.
එලෙස එළඹෙන ගිවිසුම්වලට අදාළ ව්‍යාපෘති වෙනුවෙන් ණයවර ලිපි (ඇපකර) සහ භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීමේ බලතල මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලබාදී ඇත.
ඊට අමතරව කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් ගැටලු විසඳීම සඳහාද මෙම චක්‍රලේඛය ඔස්සේ මුදල් ලේකම්වරයාට බලය දී ඇති අතර ලේකම්වරයාගේ තීරණය ‘අවසන් එකක් ලෙස’ සලකන බවද එහි සඳහන් වේ.
‘සංවර්ධන කටයුතු වේගත් කිරීමට මෙන්ම පද්ධති හා ක්‍රියාවලීන් සරල කිරීම සඳහා’ මෙම චක්‍රලේඛය නිකුත් කළ බවද මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
නයන තරංග ගමගේ