රාජ්‍ය ආයතන වලට බඳවාගෙන ඇති සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය
රාජ්‍ය ආයතන වල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 25/2004 හා 25/2004(1) නිකුත් කළ අවස්ථාවේ දී එහි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට හා චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයින්ට මෙසේ ස්ථිර පත්වීම් ලබාදීමට නියමිත ව ඇත.
රාජ්‍ය ආයතවල දින 180කට වඩා සේවය කර ඇති සේවකයන්ට අවශ්‍ය සුදුසුකම් ලබන මස 01 වැනිදා වන විට සම්පූර්ණ කිරීම මත ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර අග්‍රාමාත්‍යවරයාගේ, මුදල් අමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
