News

රාජ්‍ය සේවකයන් 95% ක් වැඩට ඇවිත්

රාජ්‍ය අංශය සාමාන්‍ය පරිදි සේවා කටයුතු ආරම්භ කළ ඊයේ (8 වැනිදා) දිනයේ රජයේ කාර්යාල නිලධාරීන් සියයට 95 ක් පමණ සේවයට වාර්තා කර ඇත.

සමස්ත රාජ්‍ය සේවයේ නිලධාරීන් හා නිලධාරිනියන් සංඛ්‍යාව ලක්ෂ 15 කි. ඒ අනුව ඉන් දහහතර ලක්ෂ විසිපන්දහසක පමණ පිරිසක් ඊයේ (8) සේවයට වාර්තා කර ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි පැවැසීය.

කොවිඩ් වසංගතයත් සමග පසුගිය වසරේ (2020) මාර්තු 2 වැනිදා සිට අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් රාජ්‍ය සේවකයන්ගේ පැමිණීම සීමා කෙරිණි.

චාමර පල්ලේගෙදර