රාජිතගේ ඇමතිකම ජනපති යටතට පවර ගන්න ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලයි
රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින බැවින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස අද (18දා) ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත.
නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා රටේ ජනතාව ගැන සිතා කිරිපිටි සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව රටට හෙළිකළ බවත් ඒ පිළිබඳව කිසිදු සොයා බැලීමක් නොමැතිව සෞඛ්‍ය අමාත්‍යවරයා කිරිපිටි සමාගම් රැක ගැනීමට ප්‍රකාශ සිදුකරන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළ අතර මීට අමතරව පසුගිය කාලය තුළදී පිළිකා ඖෂධ මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුව තිබෙන බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීමේදී එය නිවැරදිව සිදු නොකිරීම ඇතුළු චෝදනා ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එල්ල වී තිබෙන බවත් ඒ මහතා අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.