News

රාජිත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඊයේ (19) ගොනු කළේය.

එම ඇප අයදුම්පත සළකා බැලීම අද (20) දිනයේ සිදුකිරීමට නියමිතයි.

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ ඇත.

එම අපේක්ෂිත ඇප අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් නම් කර ඇත.

සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනුකර තිබෙන එම අපේක්ෂිත ඇප අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් නම් කර ඇත.

පෙත්සම ඉදිරිපත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම පරීක්ෂණයට අදාලව තමන්වද අත් අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය සූදානම් වන බවද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

එබැවින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද රාජිත සේනාරත්න මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අපේක්ෂිත ඇප අයදුම්පතේ සඳහන් කර තිබේ.