රාමසාන් උත්සවය අදයි
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය අදට යෙදී තිබේ.
පුරා මාසයක කාලයක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව නව සඳ දැකීමෙන් පසුව ඉස්ලාම් බැතිමතුන් මෙලෙස රාමසාන් උත්සවය සමරනු ඇති.
ඒ අනුව ෂවුවාල් මාසයේ නව සඳ ඊයේ (04) දැකීමෙන් අනතුරුව කොළඹ මහ පල්ලිය රාමසාන් දින සැමරුම අද පැවැත්වීමට තීරණය කළේය.
