රැඳවියෙක් සිම් කාඩ්පත් දෙකක් ගිලී
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු සතුව තිබී සිම් කාඩ්පත් දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.
තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා එම රැදවියෙක් වැලිකඩ බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එහිදී අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන මුරපොලේදී සිදුකල පරීක්ෂාවකදී ඔහු සතුව තිබී සිම් කාඩ්පත් සොයාගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.
පරීක්ෂා කරන අවස්ථාවේදී එම පුද්ගලයා විසින් සිම් කාඩ්පත් ගිලදමා ඇති බව වාර්තා වනවා.
ඔහු මේ වන විට සැකසහිත රැඳවූවන් රඳවා තබන ආරක්ෂක ස්ථානයේ රඳවා වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.