රැස්වීම් සුහද හමු තියමින් බස්නාහිර පළාත් සභාව ලක්ෂ ගණන් මුදල් ගිලී
බස්නාහිර පළාත් සභාවේ උපදේශක කාරක සභාවේ මීළඟ රැස්වීම හපුතලේ ඇල්ල ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
‘‘ඇල්ලේ වසන්තය’’ ලෙස නම් කර ඇති එය අප්‍රේල් 4,5 හා 6 යන දින තුනේ පැවැත්වේ.
ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක පමණ පිරිවැයක් වැයවෙන බව ගණන් බලා ඇතැයි බස්නාහිර පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර බස්නාහිර පළාතේ පිහිටි පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සුහද හමුවක් පසුගිය පෙබරවාරි 28 වැනිදා හා අප්‍රේල් 1 සහ 2 වැනිදා යන දිනයන්හි යාපනයේ දී පැවැත් වූ අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 20ක් වැය වී ඇති බව වාර්තා වේ. උත්තර දේවි දුම්රියෙන් පළාත් පාලන නියෝජිතයන් යාපනයට ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ ලේකම් චන්ද්‍රානි සමරකෝන්ගෙන් කළ විමසීමේදී ඇය පැවසුවේ ඇල්ල ප්‍රදේශයේ උපදේශක කාරක සභා රැස්වීම පැවැත්වීමේ යෝජනාවක් මුලින් තිබුණද මේ වනවිට එය පැවැත්විය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි. පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ හමුවක් යාපනයේ පැවැති බව ඇය සඳහන් කළාය.