රියදුරු බලපත්ර විභාගය හෙට නැහැ
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් හෙට පැවැත්වීමට නියමිතව තිබු රියදුරු බලපත්ර විභාගයේ ලිඛිත සහ ප්රායෝගික පරීක්ෂණ හෙට දින නොපැවැත්වෙන බව දැනුම් දී තිඛේ.
හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අදාල පරීක්ෂණයට පෙනී සිටිමට සිටි අපේක්ෂකයින්ට ඉදිරියේදී මුදල් අය කිරිමකින් තොරව වෙනත් දිනයක් ලබා දීමට ද මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
