රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කරයි
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත් කර ඇත.
නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අදාළ පත් වීමේ ලිපිය රියර් අද්මිරාල් උළුගේතැන්න මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කළ අතර රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වෙයි.
ඔහු 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක්ව ඇත.
මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1987 වසරේ ජනවාරි මස 05 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන උළුගේතැන්න මහතා, සිය තාක්‍ෂණික උප ලුතිනන් පාඨමාලාව 1988දී ඉන්දියාවේ හදාරා ඇත.