රිෂාඩ් බදියුදීන්ගේ තාරපුරම් නිවස විශේෂ සෝදිසියකට
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් මන්නාරම තාරපුරම් හි නිවස ආරක්ෂක අංශ විසින් අද (06) විශේෂ සෝදිසියකට ලක් කර තිබේ.
යුද හමුදා ආරංචි මාර්ග සදහන් කළේ බදියුදීන් අමාත්‍යවරයාගේ නිවස ඇතුළු තාරාපුරම් හි තුර්කි නගර් නමැති නව මුස්ලිම් ගම්මානය ද ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කළ බවයි.
යුධ හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ඊයේ උදෑසන 6.00 සිට පස්වරු 1.00 දක්වා මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ තාරාපුරම් නිවස පැය කිහිපයක් විශේෂ සෝදිසියකට ලක්කළ අතර එහි තිබී කිසිදු සැකකටයුතු යමක් සොයාගැනීමට නොහැකිවූ බව යුද හමුදාව සඳහන් කරයි.